පොලිසිය ඉදිරියේ යතුරුපැදියේ ගමන් කළ කාන්තාව ට අත්වූ ඉරණම(VIDEO) සංවේදී දසුන්.
Sri Lanka
Accident high-level road
By Aruna
හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධියේදී ඊයේ (30) පස්වරුවේ යතුරුපැදියක පිටුපස අසුනේ ගමන් කළ කාන්තාවක් ටිපර් රථයකට යටවී අනතුරකට ලක්ව තිබුණි.
පාදුක්ක දෙස සිට බොරැල්ල දෙසට ටිපර් රථය සහ යතුරුපැදිය ගමන් කර තිබුණි.
යතුරුපැදියේ සමබරතාවය බිඳීයෑමෙන් ඔවුන් දෙදෙනා ටිපර් රථය ආසන්නයේ ඇද වැටෙන අතර එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාව ටිපර් රථයට යටවී තිබේ.
අනතුරට ලක්වූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ටිපර් රථය සහ එහි රියදුරු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |