පැය 104ක් නළ ළිඳක සිරවී සිටි දරුවා බේරා ගත් සංවේදී සිදුවීම මෙන්න.(VIDEO)

India Accident
By Aruna Jun 16, 2022 02:51 AM GMT
Aruna

Aruna

Report

නළ ළිඳක් තුල අඩි 80 ක් පමණ ගැඹුරේ සිරවී සිටි ඉන්දීය දරුවාගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකිවී තිබෙනවා.

ඒ, පැය 104 කට අධික මෙහෙයුමකින් පසුවයි.

මෙහෙයුමට පුද්ගලයින් 500 දෙනෙකු සහභාගී වී සිටියා.

රාහුල් සාහු නම් වූ ශ්‍රවණාබාධයකින් ද පෙලුණු මෙම දරුවාගේ වයස අවුරුදු 10 ක්.

ඔහු මෙම අනාරක්ෂිත නළ ළිඳට වැටී ඇත්තේ ඉකුත් ජුනි මස 10 වනදායි.

දරුවා බේරාගැනීමෙන් පසු මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩිව අධීක්ෂණය කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අද අනාවරණ කර තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now