ලොරියක් දුම්රියේ ගැටී සිදුවුණ බිහිසුණු අනතුර.. දෙදෙනෙක් ජීවිතක්ෂයට..

Hospitals in Sri Lanka Accident Death Railways Latest Headlines
By krishani Nov 15, 2024 03:24 PM GMT
krishani

krishani

Report

වැලිගම, පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටී බිහිසුණු අනතුරක් සිදු විය.

එම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අගමැතිනියගෙන් පුදුම හිතෙන.. ඉතිහාසගත මනාප වාර්තාවක් මෙන්න..

අගමැතිනියගෙන් පුදුම හිතෙන.. ඉතිහාසගත මනාප වාර්තාවක් මෙන්න..

තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පිරිසක් කුඩා ලොරියකින් ගාල්ලේ ඥාති නිවසකට ගොස් නැවත නිවසට එමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇත. 

අද හවස බලාගෙනයි.. ලැබුණ කාලගුණ අණාවැකිය මෙන්න..

අද හවස බලාගෙනයි.. ලැබුණ කාලගුණ අණාවැකිය මෙන්න..

එම අනතුරින් ලොරි රථය පැදවූ රියදුරු වන 34 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහුගේ සීයා වන 80 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර, එම අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථය තුළ 7 දෙනෙකු සිට ඇති අතර ඉන් අයෙකුට තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබු මියගිය රියදුරාගේ බිරිඳ වන 34 හැවිරිදි කාන්තාවක් බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, අවුරුද්දක් සහ අවුරුදු 7ක් වයසැති දරුවන් දෙදෙනා සහ මියගිය රියදුරුගේ නැන්දණිය ද තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ReeCha