රිය අනතුරකින් 13ක් රෝහල්ගත කරයි.
ඊයේ (19) සවස් කාලේ දී පන්විල - නාරම්පනාව ඔරුතොට මාර්ගයේ සේරාවත්ත හන්දියේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 13ක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
ඒ නාරම්පනාව දෙස සිට ධාවනය කළ කුඩා ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ගමන්කළ ත්‍රීරෝද රථයක ගැටී ලොරි රථය මාර්ගයේ පෙරළී ඇත.
එම අනතුරින් ලොරි රථයේ ගමන්කළ 11 දෙනෙකු ද ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
ඉන්පසු ලොරි රථයේ සහ ත්‍රීරෝද රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
