මුදුදේ දිය නෑමට ගිය දෙදෙනෙක් අතුරුදන් වෙලා - එක් අයෙක්ගේ මළ සිරුරක් වෙරළට ගසාගෙන ඇවිත්..

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka Accident Death
By krishani May 29, 2023 02:44 AM GMT
krishani

krishani

Report

ඊයේ(28) දහවල්, පමුණුගම - තල්දියවත්ත මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ඔවුන් මුහුදේ රළ පහරට හසුව මුහුද දෙසට ගසාගෙන ගොස් තිබෙනවා.

අද (29) අලුයම, එම අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් තරුණයකුගේ මළ සිරුර පමුණුගම වෙරළ තීරයට ගොඩ ගසා ඇත.

මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 22ක් හා 36ක තරුණ පුද්ගලයන් දෙදෙනෙක් වන අතර ඔවුන් කඳවලපිටිය හා රිකිල්ලගස්කඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

කෙසේවෙතත්, පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ නාවික හමුදාව විසින් අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join