මාස 06ක බිළිඳියකට ජිවිතය අහිමි කළ, 24ක් රෝහලට යැවූ මාරක බස් රථ අනතුර..
Police spokesman
Sri Lanka Police
Sri Lanka
Accident
Death
By krishani
ඊයේ (09) රාත්‍රියේ, මහියංගන - හසලක මාර්ගයේ 64 කණුව ප්‍රදේශයේ දී කුඩා ප්‍රමාණයේ බස් රථයක් අනතුරට ලක් විය.
එම අනතුරින් මාස 06ක් වයසැති බිළිදෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කර තිබෙනවා.
විනෝද චාරිකාවක ගොස් නැවත බිබිළ ප්‍රදේශයේ පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බව හසලක පොලිසිය පැවසීය.
අනතුරට හේතුව බස් රථයේ තිරිංග එකවර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගය අසල තිබූ පස් කණ්ඩියක වැදී පෙරළී යාමෙන් ය.
සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ 29 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |