බස් දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණ බිහිසුණ අනතුර - 26ක් රෝහල් දෙකකට ඇතුළත් කරලා..
By krishani
අද (18) පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඒ කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේ දී පස්වරුවේ 4.00ට පමණ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇත.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වු පෞද්ගලික බස් රථයේ අධික වේගයත් අපරික්ෂාකාරි ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
එම අනතුරින් තුවාල ලැබූවන් කෑගල්ල මහ රෝහලට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව පිංදෙනිය පොලීසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, අනතුරට පත් එක් බස් රථයක රියදුරෙක් බරපතළ තත්වයෙන් ප්‍රථිකාර ලබන බවත් අනෙක් රෝගියා කාන්තාවක් බවත් වාර්තා විය.