වෛද්‍යවරියක් සාගරිකාට බිලිවෙයි..සිදුවූ අවාසනාවන්ත ඉරණම මෙන්න.(PHOTOS).

Sri Lanka
By Aruna Jun 01, 2022 06:44 AM GMT
Aruna

Aruna

Report

වෛද්‍යවරියක් පදවාගෙන පැමිණි මෝටර් රථයක් බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදි බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවු සාගරිකා දුම්රියේ හැපී අද (01) උදේ සිදු වූ අනතුරින් මෝටර් රථයේ සිටි කාන්තාවක් තුවාල ලබා ඇතැයි රත්ගම පොලිසිය පවසනවා.

අම්බලන්තොට රිදියගම පුනරුත්ථාපන කඳවුරේ සේවය කරන ‍රත්ගම ගණේගොඩ පදිංචි වෛද්‍යවරියක් නිවසේ සිට තම ඥාතිවරියක් බස් නැවතුම්පොල වෙත කැඳවා ගෙන එමින් සිටියදි ගාල්ල දෙසින් පැමිණි දුම්රියේ හැපි ඇත.

අනතුරෙන් වෛද්‍යවරියට තුවාල සිදුවි නොමැති අතර ඉදිරි වම් පස අසුනේ සිටි ඇයගේ ඥාතිවරියට සුලු තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි.

මෙම ස්ථානයේ විදුලි සංඥා තිබුණත් ඒවා අක්‍රියවි ඇති බව සඳහන් පුවරුද එම ස්ථානයේ ඇති බව පොලිසිය පැවසිය.

රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery