උතුරු මුහුදේදී මෙරට යාත්‍රාවකට ප්‍රහාරයක්..තිදෙනෙකුට පහරදී මුහුදට දමයි.

Sri Lanka Jaffna Indian
By Aruna Oct 07, 2021 05:38 AM GMT
Aruna

Aruna

Report

යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් 05 රාත්‍රියේ මසුන් අල්ලමින් සිටි ධීවර යාත්‍රාවක් අනවසරයෙන් යාපනය මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් විසින් අනතුරට ලක් කොට පහරදී පලා යාමෙන් පසුව එම ධීවරයින්ගේ දිවි බේරාගත් බවට ගුරුනගර් ධීවර සංගමය පවසයි.

ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි ධීවරයින් තිදෙනෙකුගෙන් යුතු ධීවර යාත්‍රාවක් ගුරුනගර් මුහුදු සීමාවේදී මසුන් අල්ලමින් සිටියදී අනවසරයෙන් ගුරුනගර් මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් විසින් යාපනය ධීවර යාත්‍රාවේ ගැටීමට සලස්වා එයට දැඩි ලෙසින් හානි කොට ධීවරයින්ටද පහරදී ධීවරයින් තිදෙනා මුහුදට දමා පලා ගොස් ඇත.

ඉන්දීය ධීවර යාත්‍රාව ගිය පසු මුහුදට පැන්න ධීවරයින් හානි වූ ධීවර යාත්‍රාවට ගොඩවී උදව් ඉල්ලා ඇති අතර පසුව ප්‍රදෙශයේ ධීවරයින් පිරිසක් විසින් එම ධීවරයින්ගේ දිවි බොරාගෙන 06 කාලයේදී ගුරුනගර් ධීවර ජැටිය වෙතට රැගෙන එනු ලැබීය.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව ගැටීම හේතුවෙන් ගුරුනගර් ධීවරයින්ගේ යාත්‍රාව සම්පූරණයෙන්ම විනාශ වී ඇති අතර ඉන්දීය ධීවරයින්ගේ පහරදීම් හා උතුරු ධීවරයින්ට පීඩා සිදුකිරීම වහාම නවතා දැමීමට බලධාරීන් කඩනම් පියවර ගන්නා ලෙසටද ගුරුනගර් ධීවර සංගම් වැඩිදුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now