අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

Report

එස් වැට් හෙවත් සරල කරන ලද වැට් බදු ක්‍රමය අද (01) දින සිට අහෝසි වන බව වාර්තා වේ.

ඒ මෙම තීරණය කල් දමන මෙන් මෙරට ප්‍රධාන අපනයනකරුවන්ගේ සංගම් රජයෙන් ඉල්ලීම් කර තිබූ පසුබිමක බව සඳහන්.

එහිදී ප්‍රධාන අපනයනකරුවන්ගේ සංගම්වල අපනයනකරුවන් රජයට පෙන්වා දී තිබුණේ එස් වැට් ක්‍රමය අහෝසි කිරීමත් සමග වැට් ප්‍රතිපූර්ණ ක්‍රියාවලිය විධිමත් කර නොමැති බවත් එනිසා ගැටලූ‍ රැසක් මතුවන බවත් ය.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ 2025 ඔක්තෝබර් 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි SVAI යෝජනා ක්‍රමය අහෝසි කරන බවත් ඒ වෙනුවට අවදානම් පාදක ආපසු ගෙවීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ය.

මේ අතර 2024 - 2025 ආදායම් වර්ෂවලට අදාළ සංස්ථාපිත සහ පුද්ගල ආදායම් බදුවල අවසන් වාරිකය ගෙවීමට ලබා දී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වූ බව වාර්තා වුණා.

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

අද ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි, අලුත් නීතිය අද සිට ක්‍රියාත්මකයි

අද ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි, අලුත් නීතිය අද සිට ක්‍රියාත්මකයි

කරන කියන රැකියා සුබ වෙන අද දවසේ මේ ලග්නවලට වස්තුව උතුරයි

කරන කියන රැකියා සුබ වෙන අද දවසේ මේ ලග්නවලට වස්තුව උතුරයි