අවුරුදු 80ක දේවගැතිවරයෙක් දැරියන් 06 ක් කෙලෙසා දමයි..බෑ කීවාම ප්ලාස්ටික් බටවලින් ගහලා..කෑම නොදී මත්ද්‍රව්‍ය දීලා.(PHOTOS)
යාපනයේ ඉරුපාලෙයි ප්‍රදේශයේ ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය ළමා නිවාසයේ දැරියන් හයදෙනකු දූෂණය කොට ඇත්තේ එම දේවස්ථානයේ වයස අවුරුදු අසූවක දේවගැතිවරයකු විසින් බවට යාපනය පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
එම ළමා නිවාසයේ දරු දැරියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව වෛද්‍යවරයාගේ නිර්දේශය වී තිබුණේ දැරියන් හතර දෙනකුට ලිංගික අතවර සිදුව ඇති බවයි.
ලිංගික කටයුතුවලට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ ළමා නිවාසයේ දැරියන්ට වැලි හා පස් පුරවන ලද ප්ලාස්ටික් බටවලින් පහර දුන් බවත්, ආහාරපාන ලබා නොදී මත්ද්‍රව්‍ය ලබා දුන් බවත් ළමා නිවාසයෙන් මුදා ගත් ළමයින් පොලිසියට ප්‍රකාශ කොට තිබෙන බවටයි වාර්තා වන්නේ.
මේ අතර තවත් දරු දැරියන් පිරිසක් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතව ඇති බවද පැවසේ.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අනුව අදාළ දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් දේවස්ථානය වෙත ගොස් ඇතත් සිද්ධියට සම්බන්ධ බව කියන දේවගැතිවරයා පළාතෙන් පලාගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ.
දූෂණයට ලක්වූ දැරියන්ගෙන් පොලිසිය ලබා ගත් තොරතුරුවලට අනුව දේවස්ථානයේ තවත් දේවගැතිවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ළමා නිවාසයෙන් ළමයින් 13 දෙනා මුදාගත් දිනම ළමා නිවාසයේ සිටි තවත් තිදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ නියෝග මත එම ළමා නිවාසය වසා දමා එහි සිටි දරු දැරියන් කිළිනොච්චියේ ළමා නිවාස දෙකක් වෙත මාරු කොට යවා ඇති අතර ඔවුන් එහි සිට වෛද්‍ය පරීක්ෂණ සදහා යාපනයට රැගෙන එනු ලබයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

