ඉදිරි දින 04 ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්..

Covid Sri Lanka Healthy Hemantha herath
By Aruna Nov 03, 2021 02:45 AM GMT
Aruna

Aruna

Report

ලබන 04 වැනිදා සිට එළඹෙන දීර්ඝ සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන විනෝද ගමන්වල නිරත නොවී නිවසේම රැදීම සිටීම වඩාත් යෝග්‍ය බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

එසේ නොමැතිව ජනතාව වගකීමෙන් තොරව කටයුතු කළ හොත් ලබාදී ඇති නිදහස තවදුරටත් පවත්වාගෙන යාමේ ගැටලු ඇති විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම මේ වන විට කුඩා කුඩා පොකුරු නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now