මහේස්ත්‍රාත්වරයකුගේ බිරිඳගෙන් පෝලිම පැන්නා කියලා කෝටියක වන්දියක් ඉල්ලලා - අඹු සැමි යුවලක් කළ දේ..
අඹුසැමි යුවලක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ පුවතක් වාර්තා වේ.
ඒ වෛද්‍යවරයෙකු හමුවීම සදහා පෝළිමේ සිටිය දී පෝලිම් පැන,මහේස්ත්‍රාත්වරයෙකුගේ බිරිද සමග බහින්බස්වූයේ යැයි චෝදනා කරමින්, ඔවුන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට පියවර ගැනීමට එරෙහිවයි.
එහිදී තම මූලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බවත් ඒ සඳහා රුපියල් කෝටියක වන්දි මුදලක් අයකර දෙන ලෙසත් ඉල්ලමින් ඔවුන් විසින් මෙම පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ.
රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ බිරිද සහ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා, පොලිස් කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන් සහ නීතිපතිවරයා ඇතුළු 16 දෙනෙකු පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම බහින්බස් වීම සිදුවීම පසුගිය මැයි මස 20 වනදා සිදු වී ඇත.
ඒ එවකට මාස 09 ක් වූ සිය දරුවාට ප්‍රතිකාර ලබාගැනීම සදහා රාගම ප්‍රදේශයේ පිහිටි එම රෝහලට ගිය අවස්ථාවේ දී ය.
