ඇෆ්ගනිස්තානයට කඩුලු 07ක සුපිරි ජයක්

Report

ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද(3) දින  2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය සියලු දෙනා දැවී රැස් කරගත්තේ, ලකුණු 179ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය, පන්දුවාර 31ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කර ගියේය.