ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙකු නොසිතූ ලෙස ජීවිතක්ෂයට..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 25, 2022 10:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

23 හැවිරිදි තරුණයෙකු ශ්‍රී පාද වන්දනාව අතරතුර දී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙම මරණය සිදුව ඇති බවයි.

කන්දකැටිය ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි මෙම තරුණයා ශ්‍රී පාදය දක්වා ගමන් කරමින් සිටියදී අද අලුයම ඉඳිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ අසනීප වී ඇත.

ඉන්පසුව ඔහුව මස්කෙළිය රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මියගොස් ඇත්තේ මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha