පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් වංචා කළ තරුණියක් අත්අඩංගුවට.
Police spokesman
Sri Lanka Police
Sri Lanka
By Hashini
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් වංචා කළ බව කියන 24 හැවිරිදි කාන්තාවක් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැනට පෞද්ගලික රක්ෂණ ආයතනයක සේවය කරන සැකකාරිය පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා.
පොලිසිය පවසන පරිදි ඇය උසස් පොලිස් නිලධාරිනියක් බව පවසමින් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 5ක් ලබාගෙන ඇත.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ,සැකකාරිය විසින් ව්‍යාජ හැඳුනුම්පතක් සහ රූප ලෙස යවා තිබූ පොලිස් මූලස්ථානයේ ලිපි ශීර්ෂය වට්ස්ඇප් හරහා ඇයගේ වින්දිතයින්ට ලබාදී ඇති බවයි.
එම ව්‍යාජ ලේඛන නිර්මාණය කිරීමට යොදාගත් ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන මොරටුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.
