මීමුරේ නාන්න ගිය තරුණයෙකුට සිදුවූ දෙයින් ප්‍රදේශයම කම්පා වෙයි.

Police Accident Meemure
By Aruna Jan 24, 2022 04:26 AM GMT
Aruna

Aruna

Report

උඩදුම්බර පොලිස් වසමේ මීමුරේ ප්‍රදේශයේ ඇළක දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (23) දහවල් කාලයේ දී අතුරුදන් වූ පුද්ගලයා තවත් පිරිසක් සමග විනෝද චාරිකාවක් සඳහා පැමිණ එම අනතුරට ලක්ව ඇති බවටයි පොලීසිය පැවසුවේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ, 30 හැවිරිදි තිබිරිගස්කටුව, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් උඩදුම්බර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now