පෙම්වතිය ගබ්සා කරන්නැයි තරුණයෙකුගෙන් තර්ජනයක්..
තරුණයෙකු විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට පහර දීමට තැත් කළ පුවතක් වාර්තා වේ.
අදාළ එම තරුණයා සොයා පොලිසිය විසින් විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.
එයට හේතුව සිය පෙම්වතියට ගබ්සාවක් කර දෙන ලෙස තර්ජනය කරමින් ය.
එම තරුණයා මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන පුද්ගලයෙක් වන අතර පෙම්වතිය වයස අවුරුදු 19ක් වන එම ප්‍රදේශයේම අවිවාහක තරුණියක් වේ.
ඇයට අපහසුතා ඇති බව පවසමින් මීට දින දෙකකට පමණ පෙර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇති අතර තරුණයා රෝහලට පැමිණ කාන්තාවගේ දරු ගැබ ඉවත් කර ඇගේ ජීවිතය බේරා දෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.
මේ අතර වෛද්‍ය කාර්ය මණ්ඩලය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර තරුණයා අනිවාර්යයෙන්ම ගබ්සාවක් කරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් තරයේ ඉල්ලා සිට ඇත.
එහිදී එම ප්‍රතිකාර ඒකකය භාර ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු මේ පිළිබඳ පැහැදිලි කර දීමට තරුණයා තම නිල කාමරයට කැඳ වූ අවස්ථාවේදී වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු පිළිනොගෙන සැකකරු වෛද්‍යවරයාට පහර දීමට තැත් කර තිබෙනවා.
කෙසේවෙතත්, ඉන් පසුව සැකකාර තරුණයා රෝහලෙන් පිටතට පලා ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |