පොලිසියට චෝදනා කරමින් තරුණයෙකු විරෝධතාවයක..
Sri Lanka Police
Sri Lanka
By krishani
හංවැල්ල පොලිසියේ නිලධාරීන් විසින් තමාට පහර දුන් බවට චෝදනා කරමින් හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ තරුණයෙකු විරෝධතාවක නිරත විය.
ඔහු ඉල්ලා සිටින්නේ තමාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බව ය.
හංවැල්ල දිද්දෙණිය හෙන්ඩ්‍රික්වත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ආර්.එම්. සමන් කුමාර නම් ඔහු ගෙවල් බිඳීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලීසියේ රඳවාගෙන තමාට පහර දුන් බව පවසයි.
ඒ පසුගිය 26 වැනිදා තමන් වෙළඳසැලකට ගොස් සිටින අතරතුර සැකපිට තමන්ව අත්අඩංගුවට ගත් බවත්, අනතුරුව හංවැල්ල පොලීසියේ නිලධාරීන් විසින් පොලීසිය තුළ දී තමාට පහර දුන් බවටත් ඔහු චෝදනා කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |