තරුණයෙකු මත් ටොෆී 5000ක් සමඟ අත්අඩංගුවට.
Police spokesman
Sri Lanka
Sri Lanka Air Force
Drugs
By Hashini
මුලතිව්, මුල්ලියාවලෙයි ප්‍රදේශයේ දී ගුවන් හමුදාවේ විමර්ශන නිලධාරින් පිරිසක් විසින් ඊයේ (08) මත ටොෆි අලෙවි කල තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම තරුණයා පාසල් සිසුන්ට හා පෞද්ගලික උපකාරක පන්තිවල සිසුන්ට නව මාදිලියෙන් ලොසින්ජර් ආකාරයෙන් තනන ලද මත් ටොෆි අලෙවි කර තිබෙනවා.
විමර්ශන නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහු සිටි ස්ථානය පරික්ෂා කිරීමේදී මත් ලොසින්ජර් 5000කට අධික ප්‍රමාණයක් තිබී හමු වී තිබෙනවා.
එම ස්ථානයේ තිබී මත්වීමට උපයෝගී කර ගන්නා සිරප් මිලිග්‍රෑම් 34ක් සහ කොකේන් ගුලි 486ක් ද සොයාගෙන තිබෙනවා.
ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලියාවලෙයි පොලිසියට භාර දීමෙන් පසු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කොට තිබෙනවා.
ඔහුව දින හතක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා.
