කඩදාසි බෝට්ටුවක් බිලිගත් පුංචි මල් කැකුල.

Sri Lanka Police Sri Lanka Accident Death
By Wayomi Nov 05, 2023 07:48 AM GMT
Wayomi

Wayomi

Report

කුඩා දැරියක දිය පහරකට ගසා ගෙන ගොස් කැළැ රෝදක සිරවි සිටියදී මව හා ප්‍රදේශවාසින් විසින් සොයාගෙන තිබෙනවා.

අනතුරුව එම දැරියව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් මරණයට පත්ව සිටි බවයි මදුරන්කුලිය පොලිසිය පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, මදුරන්කුලිය සිංහල මහා විද්‍යාලයට නුදුරින් පිහිටි නිවසක සිටි අවුරුද්දයි මාස දෙකක් වයසැති ඕනති ලිනේෂා ඕමාලී නැමති කුඩා දැරියක්.

මෙම කුඩා දැරිය හා තවත් දරුවන් පිරිසක් නිවස ආසන්නයේ ඇලේ දැවැන්ත ජල කද සමඟ කඩදාසි බෝට්ටු යැවිමේ නිරතව සිට ඇති බවත් එය මෙම ස්ථානයෙන් වෙනත් රාජකාරියක් සදහා ගමන් කරමින් සිට ඇති අතර මදුරන්කුලිය පොලිස්ථානයේ පොලිස් කොස්තාපල් 61322 ඉන්දික නිශාන්ත මහතා දරුවන් එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස අවවාද කර ගොස් පැය දෙකකට ආසන්න කාලයකදි මෙම දැරිය මෙසේ ඇළට වැටි ගසා ගෙන ගොස් තිබු බවයි පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වන්නේ.        

ReeCha