අභිරහස් ලෙස මියගිය කාන්තාවක්. - සැකකරු සොයා පොලිස් විමර්ශන.

Sri Lanka Police Sri Lanka Crime Death
By Wayomi Nov 09, 2023 12:41 PM GMT
Wayomi

Wayomi

Report

දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේ දී කාන්තාවක් ගෙල සිරකර ඝාතනය කර තිබෙනවා.

පසුගිය 7 වනදා එම කාන්තාව අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කිරීමට ඇති බව පවසා 1990 ගිලන්රථ සේවයට දුරකථන ඇමතුමක් ලැබී අතර ගිලන්රථ නිලධාරීන් අදාළ ස්ථානය වෙත ගොස් පරීක්ෂා කිරීමේ දී එම කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවක් වන අතර පසුව මියගිය කාන්තාවගේ දියණිය විසින් මවගේ මරණය සැක සහිත බව පවසමින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සිදුකළ මරණ පරීක්ෂණයේ දී එම මරණය ගෙල සිරකර සිදුකළ ඝාතනයක් ලෙස තීන්දු කර ඇති අතර සැකකරු තවමත් හඳුනාගෙන නොමැත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපැලැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ReeCha