රූපලාවන්‍යාගාර තුළට ගොස් අමුතුම සෙල්ලමක් දාන තරුණිය..මෙයාව දන්නවනම් වහාම දන්වන්න.(PHOTOS )

Sri Lanka Police Sri Lanka
By Aruna May 02, 2023 07:05 AM GMT
Aruna

Aruna

Report

රූපලාවන්‍ය කටයුතු කර ගැනීමේ මුවාවෙන් රූපලාවන්‍යාගාර තුළට පැමිණ මුදල් පසුම්බි සොරා ගන්නා කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල, ගම්පොල, බොරලැස්ගමුව හා වරකාපොල යන පොලිසි විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් පවසන්නේ, කොණ්ඩය සැකසීමට අවශ්‍ය බව පවසමින් රූපලාවන්‍යාගාර තුළට පැමිණෙන මෙම කාන්තාව විසින් මුදල් පසුම්බි සොරකම් කොට එහි තිබෙන බැංකු කාඩ්පත් උපයෝගී කරගෙන විවිධ ස්ථානවලින් භාණ්ඩ මිල දී ගෙන ඇති බවට ද කරුණු හෙළි වී තිබෙන බවයි.

දින කිහිපයකට පෙර කොණ්ඩය සැකසීමට අවශ්‍ය බව පවසමින් අවිස්සාවේල්ල පිහිටි රූපලාවණ්‍යාගාරයකට පැමිණි මෙම කාන්තාව එම රූපලාවන්‍යාගාර හිමිකාරියගේ මුදල් පසුම්බිය සොරකම් කර එහි තිබූ බැංකු කාඩ් පත යොදා රුපියල් 143000ක වටිනාකමින් යුතු භාණ්ඩ හෝමාගම මහරගම ප්‍රදේශවල වෙළඳසැල්වලින් ලබාගෙන ඇති බවට ද අනාවරණය වී ඇතැයි සැලකේ.

මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, මෙම කාන්තාව විසින් සොරාගන්නා බැංකු කාඩ්පත් යොදාගෙන රන්භාණ්ඩ, ජංගම දුරකථන, නිමි ඇඳුම් මිල දී ගැනීමට ද කටයුතු කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery