තියුණු ආයුධයකින් ඇන කාන්තාවක් ඝාතනය කෙරේ. (PHOTOS)
Sri Lanka Police
Sri Lanka
Crime
Death
By Wayomi
අද (07) සවස රාජාංගනය නව නවසිරිගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් ඇන කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දේවතා පේඩිගේ රේණුකා දීපානි සෝමදාස නමැති පනස් තුන් හැවිරිදි තිදරු මවකි.
එම කාන්තාව ඝාතනය සිදු වූ නිවස පිටුපස පිහිටි නිවසේ ජීවත්ව සිට ඇති අතර මීට දින කිහිපයකට පෙර ඇය වෙන්නප්පුව ප්‍රදේශයේ සිය දියණියගේ නිවසට ගොස් සිට අද පැමිණ සිටියදී මෙලෙස ඝාතනය ලක්ව ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා මීට වසර පහළොවකට 15 කට පමණ ඉහතදී මිය ගොස් ඇති අතර ඉන් පසුව ඝාතනය සිදු කළ පුද්ගලයා සමඟ වසර 13 ම පමණ සිට ඝාතනයට ලක් වූ කාන්තාව අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම ඝාතනය සිදු කළ පුද්ගලයාද විවාහකයෙකු වන බවත්, ඔහුට දරුමල්ලන් සිටින බවත් සඳහන් .


