කාන්තාවකගේ පා පහරින් බස් කොන්දොස්තර රථයෙන් එලියට විසිවෙයි..(VIDEO)

Sri Lanka Police Colombo Kandy Sri Lanka Accident
By Sithumi Aug 15, 2022 11:24 AM GMT
Sithumi

Sithumi

Report

කාන්තාවක් විසින් එල්ලකළ පා පහරකින් කොන්දොස්තරවරයෙක් ධාවනය වන බස් රථයකින් එළියට ඇදවැටුණු පුවතක් අප වෙත වාර්තාවිය. මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ මහනුවර-කොළඹ මගී ප්‍රවාහන බස් රථයක සේවයේ නිරත කොන්දොස්තරවරයෙකි. අදාළ කාන්තාව කිරිබත්ගොඩ ආසන්නයෙන් බස් රථයට නැග ඇති අතර එහිදී කොන්දොස්තරවරයා කිහිපවිටෙක ප්‍රවේශපත්‍රය ලබාගන්නා ලෙස දැනුම්දී තිබේ.

එයට උරණ වූ කාන්තාව කඩවත නගරය ආසන්නයේදී පා පුවරුවේ සිටි කොන්දොස්තරවරයාට පා පහරක් එල්ළකර ඇති බව වාර්තාවෙයි. අනපේක්ෂිත මොහොතක එල්ලවූ පා පහරත් සමඟ කොන්දොස්තරවරයා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් ඉවතට ඇදවැටුණු බව එම අවස්ථාවේ බස් රථයේ ගමන්කළ මගීන් පවසයි.

අනතුරින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරුව කළහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළ මගී කාන්තාව බස් රථයේ සිටි සෙසු මගීන් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී ඇත. වැඩිදුර විමර්ශනවළින් අනතුරුව පහරදීම සිදුකළ කාන්තාව රාගම රෝහලේ මානසික වෛද්‍ය ඒකකය වෙත යොමුකර තිබේ. කඩවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


ව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW