දේවගැතිවරයා දුන් ජලය පානය කළ දෙදරු මවක් හදිසියේම මියයයි.

Sri Lanka Police Puttalam Mysterious Death
By Wayomi Apr 25, 2024 05:05 AM GMT
Wayomi

Wayomi

Report

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇය පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය පවසන්නේ.

පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.

විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට හෘදරෝගයකින් හා සෙම් රෝගයකින් එම කාන්තාව පෙළී ඇති බවත්, රෝග සුවවීම සඳහා කාන්තාව විසින් රැගෙන ආ ජලය දේවගැතිවරයා විසින් යාඥා කර නැවත එම කාන්තාවට බීමට ලබාදීමෙන් පසුව ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවත්ය.

ඇයගේ මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) සිදුකිරීමට නියමිතයි.

.............................................................................

May you Like