ලෙබනනය සුණු විසුණු කරන්න ඊශ්‍රායලයෙන් රහස් මෙහෙයුමක් - සියල්ල හෙළි වේ
අල්ජසීරා පුවත් සේවය ලෙබනන්-සිරියානු සීමාව දිගේ ගොඩබෑමේ මෙහෙයුමක් සඳහා ඊශ්‍රායල් හමුදාව උත්සාහ කිරීමත් සමඟ ගැටුම් ඇති වී ඇති බව වාර්තා කරයි.
මෙම ගැටුමට හිස්බුල්ලා සටන්කරුවන් සම්බන්ධ වී ඇති බව ලෙබනන් රාජ්‍ය ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය (NNA) පවසන අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායල් විසින් දියත් කරන ලද පුළුල් කලාපීය යුද්ධය මේ වන විට ලෙබනනයේ විවිධ ස්ථාන කිහිපයකදීම සිදු වෙමින් පවතින බවද NNA වැඩිදුරටත් සඳහන් කරයි.
එහිදී,ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෙබනනයේ නැගෙනහිර බෙකා නබි චිට් නගරය ඉලක්ක කරගනිමින් සිදු වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා කරයි.