උණුසුම් කාලගුණය නිසා තත්ත්වය දරුණුයි - කාලගුණයෙන් ප්‍රදේශ කීපයකට අනතුරු අගවයි

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (07) නිකුත් කර ඇති අතර, හෙට (08) දිනය සඳහා වලංගු වේ.

මේ වනතුරු අස්වැසුමට නොතේරුණු පුද්ගලයන්ට සුබ ආරංචියක් - මේ දවස්වල අලුත් වැඩක්

මේ වනතුරු අස්වැසුමට නොතේරුණු පුද්ගලයන්ට සුබ ආරංචියක් - මේ දවස්වල අලුත් වැඩක්

නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත්, කොළඹ, ගම්පහ, වවුනියාව, මන්නාරම, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මිනිස් ශරීර සෞඛ්‍යයට බලපාන අවදානම් අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු කරන ලෙසයි.

අසත්‍ය පුවතක් ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

අසත්‍ය පුවතක් ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්