බස් රථයකින් ඇදවැටී කාන්තාවක් මියයයි.

Sri Lanka Police Sri Lanka Accident Death
By Wayomi Nov 21, 2023 04:56 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (20) උදෑසන කොළඹ සිට හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථයකින් අඹුසැමි යුවළක් පාපුවරුවෙන් ඇදවැටී තිබෙනවා.

සීදුව පොලිස් වසමේ කොළඹ - හලාවත මාර්ගයේ දඬුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසලදී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්මුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඇයගේ මෘත ශරීරය මීගමුව රෝහලේ තබා ඇති අතර පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.   

ReeCha