නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කතක් මරුට

LAND SLIDE ANKUBURA RABUKE WELA BOKKAVALA HOSPITAL
By Sewvandhi Nov 27, 2021 01:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අංකුඹුර පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මිය ගිය සිදුවීමක් වාර්තා වෙනවා. ඊයේ (26) වැනි දින අංකුඹුර ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා මෙම අනතුර සිදු වී තිබෙනවා.

සිද්ධිය සිදු වෙන අවස්ථාවේ නිවස තුළ මියගිය කාන්තාව, ඇයගේ සැමියා සහ දියණිය සිට ඇති අතර, අනතුරින් රෝහල්ගත කිරීමෙන් පසු, අදාළ කාන්තාව මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

පියා සහ දියණිය බොක්කාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. මියගොස් ඇත්තේ, රඹුකේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56ක කාන්තාවක්.

මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය බොක්කාවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අංකුඹුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති

මේ අතර ,දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීට ද හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දන්වා තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW