ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කාන්තාවකගෙන් දැලිපිහි ප්‍රහාරයක්

By Sewvandhi Sep 06, 2021 02:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දැරණියගල දෙල්ඔළුව ප්‍රදේශයේ දී කාන්තාවක විසින් දැලිපිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් සභාපතිවරයාගේ නාසයට තුවාල සිදුවී ඇති අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සභාපතිවරයා කිසියම් අවශ්‍යතාවකට දැරණියගල, දෙල්ඔළුව ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී වෙළෙඳසලක් අසළ සිය රථය නැවතූ අවස්ථාවේදී ආවේගශීලී ලෙස දැළිපිහියක් රැගෙන කඩාවැදුණු කාන්තාවක් විසින් එයින් පහරදීමේදී සභාපතිවරයා එය වැළැක්වීමට උත්සාහ ගැනීමත් සමඟම නාසය කැපී තිබෙනවා.

-----------------------------------------------------------------------------

මවගේ හදවත් සැත්කමට සල්ලි හොයන දියණියට කළ අපරාදය - ලයිව් ඇවිත් හැඩූ සංවේදි වීඩියෝව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha