පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්.
අද (02), නොර්වුඩ් එල්ඛඩ පහල කොටස ද්‍රවිඩ විදුහලට බඹර ප්‍රහාරයකින් එල්ල වී තිබෙනවා.
එයින් විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලට ඇතුලත් කර කෙරිණ.
එම විදුහලේ ගුරුවරයකු පැවසුවේ, අද පාසල පැවැත්වෙන කාලය තුළ දී පාසල අසල ගසක බැඳ තිබූ බඹර කුඩුවක් ඇවිස්සීමෙන් එහි සිටි බඹරුන් විසින් පහර දී ඇති බව ය.
එයින් 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තුන් දෙනකු හා එක් සිසුවකු තුවාල ලබා තිබෙනවා.
එසේ තුවාල ලැබූ එම සිසුන් කඩිනමින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහල වෙත ඇතුලත් කෙරුණ.
මේ අතර, සිදුවීම පිළිබඳව විමසීමකදී අදහස් දැක්වූ දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලේ නිලධාරියකු පැවසුවේ, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සිසුන්ගේ තත්වයන් බරපතල නොවන බවත් එම සිසුන් රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවත් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |