කාන්තාවන් 5 ක් ඇතුළු 15කට අද එල්ල වූ ප්‍රහාරය මෙන්න...15ම රෝහලේ(PHOTOS) .

Hatton Dikoya Wasp attack
By Aruna Oct 13, 2021 08:04 AM GMT
Aruna

Aruna

Report

ස්ටොක්හොම් වතු යායේ කම්කරුවන් 15ක් දික්ඔය මුලික රෝහලට නොර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හොම් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් 15 දෙනෙකුට පමණ (13) දින බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බවත්, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු තුවාලකරුවන්ගෙන් පස් දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කල බව එම වතු යායේ පාලන අධිකාරිය පැවසිය.

අද (13) දින උදැසන 9 ට පමණ තේ දළු නෙලමින් සිටියදි තේ වත්තේ විශාල ගසක් මත බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් කියා සිටින්නේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි වතු කම්කරු කාන්තාවන් පස් දෙනෙකු පමණක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවත්, සෙසු තුවාලකරුවන් වතු රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ – හැටන්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery