ලංකාවෙන් තුරන් කරලා තිබූ ලාදුරු ඇතුළු තවත් රෝගයක් යළි හිස ඔසවයි.
මෙතෙක් පාලනය කර තිබූ ඇතැම් බෝවන රෝග යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
ඒ අනුව ලාදුරු සහ ක්ෂය රෝගය යළි මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.
ඔහු පෙන්වා දෙන්නේ, රෝග පාලනයට නිසි පියවර නොගත හොත් ඉදිරියේදී දැඩි අවධානමකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
ඔහු වැඩි දුරටත් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,
“ලංකාවේ බහුලව පැවති බෝවන රෝග ගණනාවක් මේ වනවිට අපි තුරන් කරලා තියෙනවා. මැලේරියාව, සරම්ප වැනි රෝග. ඒ වගේම ලාදුරු රෝගය වැනි දේවල් බොහෝදුරට පාලනය කරලා තියෙනවා. නමුත් මේ මොහොත වනවිට අපිට පෙනී යනවා. ඒ රෝග ඒ ආකාරයට පාලනය වෙනකොට විශේෂයෙන්ම මේ දක්වා තුරන් කිරීමට ඉතාම ආසන්නව පැවති ලාඳුරු නැවත හිස ඔසවමින් තිබෙන බවට වාර්තා වෙනවා. ඒ වගේම තමා ලංකාවේ මාරාන්තිකම බෝවන රෝගය ලෙස අපිට මේ මොහොතේ සලකන්න පුළුවන් වෙන්නේ ක්ෂය රෝගය. නමුත් මේ ක්ෂය රෝගය පිළිබඳ අපේ අවධානය ඉතා අඩුයි. ඒ නිසාම හුඟාක් වෙලාවට රෝගියෙක් හඳුනාගැනීමට ප්‍රමාද වෙනවා. ඒ නිසාම අපිට මේ රෝග තුරන් කිරීමට තියෙන ඉඩකඩ නැති වෙනවා මෙන්ම එක්තරා දුරකට මේ රෝග හිස ඔසවමින් තියෙනවා. එවැනි රෝග තත්ත්වයන් ගැන මීට වඩා වැඩියෙන් අවධානය තිබීම අත්‍යවශ්‍ය බව මම දකිනවා.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |