ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්..

Sri Lanka SL Protest
By krishani Apr 05, 2023 06:57 AM GMT
krishani

krishani

Report

හෙට (06) සිට, මෙතෙක් ඉටු නොවූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීමට පියවර ගන්නා බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරී සංගමය පවසයි.

අද (05) මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී. අබේසිංහ ඒ බව සඳහන් කළේ ය.

තමන්ගේ වෘත්තීය ඉල්ලීම් වසර දෙකක කාලයක් පුරා අදාල බලධාරීන් වෙත යොමු කළ ද මේ දක්වා කිසිදු හෝ විසඳුමක් නොලැබුණ බවත් ඒ හේතුවෙන් 06 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

කෙසේවෙතත් ඒ අනුව දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1086ම සම්පූර්ණයෙන් වසා දමා දැඩි විරෝධය පළ කරන බව එම සංගමය පවසා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha