දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්..

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Aug 22, 2023 04:19 PM GMT
krishani

krishani

Report

දුම්රිය නියාමකවරයෙකුට දුම්රිය සේවකයෙකු විසින් පහරදීමක් සිදුකර ඇති වාර්තා වේ.

ඒ හේතුවෙන් අද(22) සවස් කාලයේ දුම්රිය වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹින් ආරම්භ වන තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය වාර කිහිපයක් පුමාදවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම දුම්රිය නියාමකවරුන් යළි සේවයට වාර්තා කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ReeCha