කොළඹ දැඩි රථවාහන තදබදයක් - මේ දැන් එහි තත්ත්වය මෙන්න.

Police spokesman Sri Lanka Police Colombo Latest Headlines Decision Making
By krishani Apr 24, 2024 03:08 PM GMT
krishani

krishani

Report

මේ වන විට කොළඹ කොටුව සහ ඒ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇත.

කොළඹ දැඩි රථවාහන තදබදයක් - මේ දැන් එහි තත්ත්වය මෙන්න. | A Traffic Jam In Colombo

ඒ ඉරාන ජනපතිගේ පැමිණීම හේතුවෙන් මාර්ග කිහිපයක් වසා තැබීම හේතුවෙන් බව වාර්තා වේ.

මේ හේතුවෙන් ලෝටස් පාර, බැංකු මාවත, කොල්ලුපිටිය දක්වා වූ ගාලු පාර පස්වරුවේ ඉතා කෙටි වේලාවන් සඳහා විටින් විට සම්පූර්ණයෙන් වසා දැමීය.

කොළඹ ප්‍රධාන මාර්ගයක අනතුරක් - දැඩි වාහන තදබදයක්.. එහි දැන් තත්ත්වය මෙන්න.(PHOTOS)

කොළඹ ප්‍රධාන මාර්ගයක අනතුරක් - දැඩි වාහන තදබදයක්.. එහි දැන් තත්ත්වය මෙන්න.(PHOTOS)


නැවත රාත්‍රී 9.30 පසුව කොටුව සිට කොල්ලුපිටිය දක්වා ගාලු පාරද ධර්මපාල මාවත, ග්‍රීන්පාත්, හෝටන් පෙදෙස හරහා බේස්ලයින් මාර්ගයද බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත දෙස සිට අධිවේගි මාර්ගය දක්වාත් අධිවේගි මාර්ගයේ පෑලියගොඩ සිට කටුනායක දත්වාත් ඉරාන ජනාධිපතිවරයා ගමන් කරන කාලසීමාව තුළ සම්පූර්ණයෙන් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.