කොළඹ ප්‍රධාන මාර්ගයක අනතුරක් - දැඩි වාහන තදබදයක්.. එහි දැන් තත්ත්වය මෙන්න.(PHOTOS)
මීට සුළු මොහොතකට පෙර කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා විය.

මෙලෙස බෝ අත්තක් කඩා වැටී ඇත්තේ ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් ය.
ඒ හේතුවෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව ඇති බව සඳහන් වේ.
අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය පැවසීය.
කෙසේ වෙතත්, මේ වනවිට එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින අතර අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි.
