ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියකගේ නිවසකට හොරු පනියි - ලක්ෂ ගානක් සුද්ද කරගෙන ගිහින්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 11, 2023 06:46 AM GMT
krishani

krishani

Report

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහ 19 කට අධික රන් භාණ්ඩ, සුවඳ විලවුන්,රූපලාවන්‍ය භාණ්ඩ අස්ථානගත වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඇය වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇය පොලිසියට පවසා ඇත්තේ, සේවිකාවක් වශයෙන් සිටි කාන්තාවක් විසින් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බව‍යි.

එමෙන්ම, මීට පෙර ද ඇයගේ නිවසේ රන් භාණ්ඩ නොමැති වූ බවට සැක කරමින් වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවකට පහර දුන් බව කියන හේතුවකින් රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය කටයුතු කළේ, එයට අදාළව වැලිකඩ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරින් පිරිසකට ස්ථාන මාරු ලබා දීමටයි.

කෙසේවෙතත්, කුරේ මාවත රාජගිරිය ප්‍රදේශයේ නිවසේ තිබී මෙම භාණ්ඩ අස්ථානගත වී ඇත්තේ.

වැලිකඩ පොලීසිය විසින් පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join