හොඳට හැඳ පැළඳ ඇවිත්, මදුරුවන්ට දුම් ගහන මුවාවෙන් නිවසක රත්තරන් බඩු ටික කොල්ල කාලා..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Gold
By krishani
නිවසකට මදුරු මර්දන සහයකයන් ලෙස වෙස්වලා පැමිණි පුද්ගලයන් තිදෙනෙකු රන්භාන්ඩ කොල්ල කා පලායාමේ පුවතක් කැස්බෑව - බටුවන්දර ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ එම නිවසේ සිටි 73 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ අත් පා බැඳ දමා ය.
අදාළ කොල්ලකරුවන් විසින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා රන්භාණ්ඩ සහ ජංගම දුරකථනයක් මෙලෙස කොල්ල කා පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
හොඳින් හැඳ පැළඳ අත ෆයිල් කවර සහ ලිපිලේඛන අතැතිව පැමිණ තිබූ මෙම කොල්ල කරුවන් තිදෙනා අසල්වාසීන්ට කිසිදු සැකයක් ඇති නොවන පරිදි තවත් නිවාස කිහිපයකට ද ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |