ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්...
By Parami Dissanayake
වන්දනාකරුවන් රැගත් බස් රථයකට ඉන්දියාවේ ජම්මු - කාශ්මීර්හි දී ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහි දී බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් 09 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අද (09) පස්වරුවේ වන්දනාකරුවන් ජම්මු -කාශ්මීරයේ ශිව් කෝරි ලෙන් විහාරය "Shiv Khori cave" වෙත යමින් සිටිය දී මෙම ප්‍රහාරයට ලක් ව ඇති බව සඳහන් වේ.
මෙහි දී ත්‍රස්තවාදීන් වෙඩි තැබීමත් සමඟ බස් රථය ප්‍රපාතයකට පෙරළි ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.