අවුරුදු 10ක් වන පිරිමි ළමයෙක් අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කරයි..11 හැවිරිදි දැරියක් ද මෝටර් රථයේ සිට හමුවෙයි..

United States of America Accident World
By Aruna Sep 24, 2023 06:57 AM GMT
Aruna

Aruna

Report

අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් ධාවනය කරමින් සිට අවුරුදු 10ක් වයසැති බාලවයස්කාර රියදුරෙක් පොලිස් භාරයට ගෙන තිබෙන පුවතක් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

පොලිසිය වාහනය නතර කර පරීක්ෂා කර බැලීමේදී, ඔහු තම 11 හැවිරිදි සහෝදරිය ද සමග අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් දෙදෙනා නිවසින් අතුරුදන්ව ඇති බවට මව විසින් මීට සතියකට පමණ පෙර පොලිසියට පැමිණිල්ලක් ද කර තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නිවසේ සිට සැතපුම් සිය ගණනක් දුරස්ථ ප්‍රදේශයක අධිවේගී මාර්ගයක මෝටර් රථය ධාවනය කරමින් සිටියදීයි මෙම දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම පිරිමි ළමයා තම වැඩිමහල් සහෝදරිය සමග නිවසින් පළා යාමට තීරණය කර ඇත්තේ ඔවුන් සතු දුරකථන, පරිගණක ඇතුලු ඉලෙක්ට්‍රොනික් උපකරණ මව විසින් ලබා ගැනීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන කටයුතු මගහැර ගනිමින් ඒවා භාවිත කිරීම හේතුවෙන් අදාළ උපකරණ තම භාරයට ගත් බවයි මව පොලීසියට ප්‍රකාශකර ඇත්තේ.

එම කටයුත්තට උරණ වී ඔවුන් දෙදෙනා නිවසින් පළායාමට තීරණය කර ඇති අතර මෝටර් රථය ද සමග දරුවන් දෙදෙනා නිවසින් අතුරුදන් බවට මව පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රථ වාහන නීතිවලට අනුව පුහුණු වීමේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වයස අවුරුදු 15ක් විය යුතු වන අතර, සම්පූර්ණ බලතල සහිත රියදුරු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට රියදුරන්ට වයස අවුරුදු 18ක් සම්පුර්ණ විය යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

බස්- ත්‍රීරෝද රථ ගැටුමක්..දෙදෙනෙක් මියයයි..03ක් රෝහලේ..(PHOTOS)

බස්- ත්‍රීරෝද රථ ගැටුමක්..දෙදෙනෙක් මියයයි..03ක් රෝහලේ..(PHOTOS)


ReeCha