බදු වල වෙනසක් ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි..

Ranjith Siyambalapitiya Sri Lanka
By krishani May 12, 2023 05:05 AM GMT
krishani

krishani

Report

බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

ඉදිරියේ දී ක්‍රමානුකූලව බදු අයකිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට පියවර ගන්නා බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති සමාගමක් විසින් යන්ත්‍රෝපකරණ ගෙන්වීමේ මුවාවෙන් ආනයනය කරන ලද දුම්වැටි තොගයක් ඊයේ රේගුව විසින් සිය භාරයට ගනු ලැබීය.

ඒ යන්ත්‍රයක් ලෙස පෙනෙන පරිදි ව්‍යාජ ලෙස සකස් කර තිබූ ඇසුරුමක් තුළ මෙම දුම්වැටි 556,000 ක ප්‍රමාණයක් අසුරා තිබූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 85 ක් පමණ වේ.

ඊට අය කෙරෙන බදු ප්‍රමාණය රුපියල් මිලියන 70 ක් පමණ වෙයි.

එහි නිරීක්ෂණය කිරීමට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඔරුගොඩවත්ත රේගු පර්යන්තය වෙත පැමිණි අවස්ථාවක දී මේ බව පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join