බංගලියන්ගෙන් ලංකාවට දැවැන්ත ඉලක්කයක්.. (PHOTOS)
අද (15) පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 286ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ පන්දුවාර 50 අවසනයේ කඩුලු 07ක් දැවී සිටිය දී ය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළේ ය.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ Soumya Sarkar පන්දු 66කදී ලකුණු 68ක්ද, නායක Najmul Hossain Shanto පන්දු 39කදී ලකුණු 40ක්ද, Mushfiqur Rahim පන්දු 28කදී ලකුණු 25ක්ද, Mehidy Hasan Miraz පන්දු 18කදී ලකුණු 12ක්ද, Tanzim Hasan Sakib පන්දු 33කදී ලකුණු 18ක්ද, ලබා ගැනීමට සමත් විය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ Towhid Hridoy පන්දු 102කදී නොදැවී ලකුණු 96ක් සහ Taskin Ahmed පන්දු 10කදී නොදැවී ලකුණු 18ක් ලබා ගන්නා ලදී.
එමෙන්ම, Litton Das සහ Mahmudullah ලකුණු කිසිවක් නොලබා දැවී ගිය අතර පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ Wanindu Hasaranga කඩුලු 04ක්ද, Dilshan Madushanka කඩුලු 02ක්ද, Pramod Madushan එක් කඩුල්ලක්ද දවා ගත්තේ ය.
ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායටම පිළිතුරු ඉනිමට ලකුණු 287ක ඉලක්කයක් හිමි ය.
කෙසේ වෙතත්, තරග 03කින් සමන්විත මෙම තරගාවලියේ බංග්ලාදේශය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින අතර, මෙම තරගය මේ වනවිට බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.
