අතුරුදහන් වූ බවට පැවසු කාන්තාවකගේ සිරුර රක්ෂිතයෙන් හමුවේ..
By Piyumika
පූජාපිටිය පොලිස් වසමේ පිඟාඔය රක්ෂිතයේ පිඟාඔයේ මදුරු බැම්ම අසල කාන්තාවක් මියගොස් ඇති බවට ඊයේ (11) පූජාපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 82ක් වූ කළුවාන, අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ඇය පසුගිය 08 වැනිදා සිට අතුරුදහන්ව ඇති බවට ඇයගේ සැමියා විසින් පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පුජාපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.