සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අතිරික්තයක්.
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Hashini
කෘෂිකර්ම අමාත්‍යංශය රට තුළ මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක සහල් අතිරික්තයක් පවතින බව ප්‍රකාශ කරනවා.
පසුගිය මහා කන්නයේ සහ මෙවර යල කන්නයේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 52ක් පමණ වනවා.
එයින් මෙට්‍රික් ටොන් ලක්ෂ 31 සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය.
මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක් පමණ වන අතර, මහා කන්නයේ අස්වනු ලැබෙන තෙක් සහල් ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
