දැඩි සත්කාරයෙන් කෙළවර වුණ සිසු කෝන්තරය - වෙලා තියෙන දෙය ඇහුවොත් අනේ කියලා හිතෙයි..

Sri Lanka Police Kandy Sri Lanka Police Investigation Hospitals in Sri Lanka Latest Headlines
By krishani Jun 15, 2024 05:21 PM GMT
krishani

krishani

Report

පාසලක සිසුවෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් මහනුවරින් වාර්තා වේ.

දැඩි සත්කාරයෙන් කෙළවර වුණ සිසු කෝන්තරය - වෙලා තියෙන දෙය ඇහුවොත් අනේ කියලා හිතෙයි.. | A Student Was Attacked In A School

ඒ සම්බන්ධයෙන් එම පාසලේම සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුවා ඇපමත මුදාහැර ඇති අතර ඒ ඔහුව මහනුවර මහේස්ත්‍රාත් හමුවට අද (15) ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

එහිදි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ අදාල සිසුවා මානසික වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන මෙන් ය.

ඒ අනුව එහි වාර්තාවක් ලබන මස 26 වන දින අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊයේ (14) පාසල නිම වී 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු නිවස බලා යන අවස්ථාවේ පාසල ඉදිරිපිටදීම මෙම ගැටුම හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේදි අදාල සිසුවාට අනෙක් සිසුවා විසින් තියුණු ආයුධයකින් පහර දි ඇත.

මේ වන විට, ඔහු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේ ය.

එලෙස තුවාල ලබා ඇත්තේ මහනුවර - අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙකු වන අතර අනෙක් සිසුවා ද එම වයසේම පසු වේ.

මීට පෙර අවස්ථාවක, තුවාල ලබා රෝහල් ගතව සිටින සිසුවා විසින් අනෙක් සිසුවාට පහරදීමක් සිදුකර ඇත.

එයට පලිගැනීමක් ලෙස මෙලෙස තියුණු ආයුධයකින් ඔහුට පහර දි ඇති බව ද මුලික විමර්ෂණවල දී අණාවරණය වී තිබෙනවා.