ජනාධිපතිවරණය ඇතුළුව මැතිවරණයන් වලට කුමක් වෙයි ද? ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
මැතිවරණයන් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමත් ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයත් අනතුරුව පළාත් සභා මැතිවරණයත් පැවැත්වීම අපේක්ෂාව බව ඒ මහතා සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු කළ හැකි බවයි.