ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයින් 03ක්..ඔවුන්ගේ නම් මෙන්න..

Report

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා. 

 එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එම තීරණය පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවයි.

මේ වන විට අපේක්ෂකත්වයට සුදුසු යැයි තිදෙනකුගේ නම් ප්‍රකාශ වී ඇති බවද වාර්තා වාර්තා වනවා.

බැසිල් රාජපක්‍ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් මෙන් ද නාමල් රාජපක්ෂ මහතාද තරුණයෙකු ලෙස ජනාධිපති ධුර අපේක්ෂකත්ව වෙනුවෙන් සුදුසු බවට සාකච්ඡා වී ඇති බවටයි වාර්තා වන්නේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ අපේක්ෂකයා බවට පත් කිරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි තීරණය කිරීමටද හැකියාව ඇති නමුත් ඒ පිළිබඳව මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් සඳහන් වනවා.

ඒ අනුව, අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිට්යේ, මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන වැඩිදුර සාකච්ඡාවලින් පසුව අවසන් තීන්දුවක් දැනුම් දෙනු ඇති බවයි.