පාසලක පිහි ඇනුමකින් ගුරුවරුන් සහ සිසුන් පිරිසක් රෝහලේ...

England World Education
By Aruna Apr 26, 2024 06:53 AM GMT
Aruna

Aruna

Report

පාසලේදී සිදු වූ පිහි ඇනුම.

එංගලන්තයේ නිරිතදිග වේල්සයේ පාසලක පිහි ඇනුමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

මින් තුවාල ලැබූ ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුවෙකු පිහි ඇනුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව සඳහන් වේ. ඔවුන් ගේ තත්ත්වය බරපතල නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඝාතනයට තැත් කළ බවට සැකපිට එම පාසලේම ඉගෙනුම ලැබූ නව යොවුන් වියේ දැරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිද්ධියෙන් අනතුරුව පාසල් පරිශ්‍රයේ සිටින සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා පාසල වසා දමා ඇති අතර නිලධාරීන් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන බව එරට පොලීසිය පවසයි.

මෙම සිද්ධියේ දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය කිරීම නවත්වන ලෙස පරීක්ෂණ නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා ඇති බවත් ,එසේ කරනු ලබන්නේ අධිකරණයට අපහාස කිරීම සහ තවදුරටත් පීඩාවට පත් කිරීම වළක්වා ගැනීම සඳහායි.

.......................................................

You may like